Skip to content Skip to footer
පත් ඉරු68
පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඬී’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, මා විසින් මෙ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන
ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වු බුදු රජ තෙම,, රාජග
හං,, රජගහවට,, අනතරාච මධ්‍යවර්‍තතී වු ද,, නාලන්‍දං,, නාලන්‍දාවට,, අනතරාච,, මද්‍ධ්‍යවර්‍තතී වු ද,, අද්‍ධානමගගං,, දීගර්‍ඝ
මාගර්‍ගයට,, මහතා,, ගුණ මහනතත්‍වයෙන්‍ද සංඛ්‍යා මහනතත්‍වයෙන්‍ද මහත්‍වු…
මෙසේ සවයමභුත වු සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ විසින් දෙසන ලද යම් උතතම සූත්‍රයක්හු ගේ මහිමයෙන්
ප්‍රථුවී තොමෝ අනේක ප්‍රකාරයෙන් කමපා වී ද එ මේ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන
මේ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා෴ බ්‍රහමජාල සුත්‍ර අත්‍ර්‍ථ
ව්‍යානය යි෴ සි`ධිරසතු෴ ආරොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com